hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 12, පෙ.ව. 12:01



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

ඒත් එක්කම ආදරය කරන බොහෝ පිරිසක් ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.

එදා නිතර නිතර නිර්මාණවලින් අපේ ඇස් මානයට ආව ගිය ඇය, දැන් නිතර මුණගැහෙන්නේ සමාජ මාධ්‍ය තුළින්.

එලෙස තබන සටහන්වලට ලැබෙන ප්‍රතිචාර දැක්කාම හොඳටම පැහැදිලියි ඇය දිනූ ජනප්‍රියත්වය සදාකාලික එකක් බව.

”හිතන්න ගොඩක් දේවල් තියෙනවා ගොඩක් මහන්සියි,

තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා

ඒ හැමදේම කරන්න ඕන

මං මට ආදරෙයි මං මහන්සියෙන් හදාගත්ත නමට ආදරේ

එය ආදරේ දුන්න රසික රසිකාවියන්ට ආදරේ ඒ තමයි මගේ ආදරණීයන්

ඉතින් පරිස්සමෙන් තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා යන්න ඕනා

මහන්සියෙන් උපයා ගන්නා හැම දෙයකම වටිනාකම වැඩියි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: