hit counter

2025 දෙසැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:27



රටක් විදියට දරුණුතම ඛේදවාචකයට ලංකාව මුහුණදෙන කාලයේම, එක් චරිතයක් ‍රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවකට ගොඩවුණා.

ඈ නමින් නිලූෂි පවන්යා. ඇය ගොඩවුණේ, ‘face of beauty international’ වේදිකාවට.

සමස්ත රටේ ආශිර්වාදය ඇය එක්ක තිබුණත්, තමන්ගෙ ගෙදර අයටවත් කතා කරලා අවසන් මහා තරගයට මුහුණ දෙන්න තරම් හැකියාවක් නිලූෂිට තිබුණෙ නෑ.

ඒ සියල්ල දරාගත් ඇය face of beauty international තරගයේ, අවසන් තරගකාරිනියන් 20 දෙනා අතරට එන්න සමත් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, ඇය තරගාවලියේ ‘best in talent’ හැටියට ජයග්‍රහණය කරනවා.

නිලූෂිගේ මේ ගමන කොහෙත්ම සරල එකක් නෙවෙයි.

ඒ ගැන ඇය කියූ කතාවයි මේ….

”තාමත් ෆේස්බුක් එකට යනකොට මගේ ඇස් දෙක රතු වෙනවා.
ඒ කියන්නේ මිනිස්සු ඉන්න තත්ත්වය දැකලා ලංකාවට වෙලා තියෙන දේ දැකලා ඉතින් world competition එකක මම රට වෙනුවෙන් තරග කරනකොට ඒක මගේ හිතට දැනුන විදිය මට කියන්න තේරෙන්නේ නෑ.

අවසාන මොහොත වෙනකම්ම මගේ ගෙදරටවත් කතා කරන්න බැරි උනා අඩුම තරමේ මගේ ගෙදර අයට මොකද වෙලා තියෙන්නේ කියලවත් මම දන්නෙ නෑ.

එහෙම වෙලාවක රට වෙනුවෙන් තරග කරනවා කියන එක කොච්චර අමාරුද කියල මගේ ජීවිතේ පළවෙනි වතාවට මම ඉගෙන ගත්තා.

ඒක හරිම අමාරු දෙයක්.

දවස් හතරක් යනකම්ම මං ගොඩක් ඇඬුවා. මොකද ඒක මට ලොකු වේදනාවත් හැබැයි මං හිතනවා මට පුළුවන් උපරිමයම මම කලා කියලා.

තාමත් ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ මගේ රටට වෙච්ච දේ ගැන මං ගොඩක් දුක් වෙනවා. හැබැයි ස්වභාවික ආපදාවලින් අපිට ගැලවෙන්න බැහැ.

මේ වෙලාවේ මගේ රට වෙනුවෙන් ලෝකය ගොඩක් රටවල් පෙනී ඉන්නවා. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා

ඉතින් මං අද ලංකාවට ආවා.

මගේ රට වෙනුවෙන් face of beauty international තරගාවලියේ මම best in talent කියන title එකත් ඒ වගේම අවසාන විසිදෙනා අතරටත් තේරුණා.

ගොඩක් ප්‍රශ්න බාධක එක්ක මං හිතනවා මගේ රට වෙනුවෙන් තනි මනුස්සයෙක් විදියට මම මුහුණ දුන්නා කියලා.

එකට හේතුව මගේ වටේ හිටියේ ගොඩාක් පොඩි පිරිසක්. ඒ ගැන මම ගොඩක් දුක් වෙනවා.

ඒ වගේම මං හිතන්නේ මගේ රට වෙනුවෙන් මට කවුරුත් නැති වෙලාවක මට පිටරට මගේ තරගයේ හිටපු අනිත් තරගකාරියන් ඒ වගෙම තායිවාන් රටේ හිටිය මිනිස්සු ගොඩක් මට help කලා.

ඉතින් එක මට කවදාවත් අමතක වෙන්නැති දෙයක්

මොකද මගේ රට වෙනුවෙන් තනි මනුස්සයෙක් විදිහටම මූණ දෙනකොට මං වෙනුවෙන් වෙන රටවල් වල මිනිස්සු පෙනී හිටියා

respect ඒ හැම රටකටම මගේ හයියට හිටියට.

ලංකාව කියන්නේ ලස්සන රටක්.. මං එයාලට කිව්වේ එහෙම.

මට මං ගැනත් මගෙ රට ගැනත් ආඩම්බරයි.

මුල ඉඳන්ම මගෙත් එක්ක මගේ ළඟින් හිටිය අයව මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ අය මගෙත් එක්ක හිටියේ නැති උනා නං මම මීටත් වඩා වැටෙන්න තිබුණා….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: