2024 ජනවාරි 10, ප.ව. 1:48
වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇති බව ඔබ මේ වෙන විට දන්නා කාරණයක්.
වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බවත් වාර්තා වනවා.
මන්ත්‍රිවරුන් මෙම විනෝද චාරිකාව සඳහා රැගෙන ගිය නෞකා දෙකම වරායට එක්රොක් වන වැලි ඉවත් කිරීම සදහා භාවිත කරන සුපතළ නෞකා දෙකක් බවද වරාය ආරංචි මාර්ග සඳහන් කරනවා.
නව වසරේ ආරම්භ වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනුවෙන් සූදානම් කළ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරය සඳහා සහභාගී වන මන්ත්‍රිවරුන්ට ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා විසින් ඇරයුම් පත්‍රද වෙන වෙනම ලබාදී තිබෙන අතර ඔවුන් සියලු දෙනාට (09) පස්වරු 06 වන විට වරාය පරිශ්‍රයට පැමිණෙන්නැයි එමගින් දැනුම් දී තිබුණා.
මේ වන විට ඒෂියන් මිරර් අප වෙත එහි වීඩියෝ කිහිපයක්ද ලැබී තිබෙනවා.
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:07
2025 මැයි 12, පෙ.ව. 12:04
2025 මැයි 11, ප.ව. 4:39
2025 මැයි 11, ප.ව. 3:42
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25