hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:14



මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ තල්ලඩි ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබූ මුදල් පසුම්බියක් නැවත එහි හිමිකරු සොයා ලබාදීමට මන්නාරමේ පොලිස් නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා.

පසුගිය 26 වනදා තල්ලඩි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ මුදල් පසුම්බියක් වැටී තිබියදී පොලිස් සැරයන් 57943 තිලක්කුමාර පොලිස් නිලධාරියාට හමුවීමෙන් අනතුරුව මුදල් පස්‍රම්බිය පරික්ෂා කොට තිබෙනවා.

එහිදී මුදල් පසුම්බිය පරික්ෂා කිරීමේදී එහි තිබී රුපියල් 10,000 ක මුදලක් සහ යතුරුපැදි ලියකියවිලි, බැංකු කාඩ් ඇතුලු තවත් ලියකියවිලි කිහිපයක් තිබී ඇති අතර එම ලියකියවිලි වල මුදල් පසුම්බියේ අයිතිකරුගේ දුරකතන අංකයද තිබී සොයාගනු ලැබුවා.

අනතුරුව මුදල් පසුම්බියේ අයිතිකරුට දුරකතන ඇමතුමක් ලබා දී මන්නාරම පොලීසියට පැමිණ මුදල් පසුම්බිය ලබාගන්නා ලෙසට අදාල පොලිස් සැරයන් වරයා කටයුතු කිරීමෙන් පසුව මුදල් පසුම්බියේ හිමිකරු වූ මන්නාරමේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු පැමිණියේ.

පසුව අදාල මුදල් පසුම්බිය මන්නාරම සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විධනගේ සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයාගේද මූලිකත්වයෙන් පොලිස් සැරයන් තිලක්කුමාර යන අය අතින් පාසල් සිසුවාට මුදල් පසුම්බිය භාරදෙනු ලැබුවා.