hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 10:23



සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ අරගලයේ ඉහළ පෙළ සාමාජිකයෙකු වන රතිඳු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පනහක මුදලක් නිර්නාමික ආකාරයෙන් ලැබී තිබුණු බව ඔහු තම සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කළා.

තමන් මේ සම්බන්ධයෙන් අදාළ බැංකුවට පැමිණිලි කළ බවත් ඉදිරියටද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අරගලය වෙනුවෙන් තමන් අතින් වියදම් කළා මිස පුද්ගලිකව කිසි වාසියක් ලබා නොගත් බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, තමාගේ අනුදැනුමකින් තොරව මෙලෙස මුදල් බැංකුගත කරමින් කවරෙකු හෝ තමාව කිසියම් උගුලකට හසු කොට ගන්නට උත්සාහ කරන බවයි.

එබැවින් ඔහු තමාගේ ගිණුමට බැර වූ අදාල මුදල සම්බන්ධයෙන් ගිණුම අයත් බැංකුව වෙත දන්වා එම මුදල් ‘හෝල්ඩ්’ කරන ලෙස උපදෙස් දුන් බවත් අනතුරුව එම මුදල් ලැබුණේ කුමන අයෙකුගේ මාර්ගයෙන් ද යන්න විමර්ශනය කරන ලෙස බැංකුවට දැනුම් දී තිබෙනවා.