hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:21



36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ( Singapore International Film Festival ) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ , ශ්‍රී ලංකාවේ  ” රිවස්ටන් ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් , එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරා හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ  ” සිල්වර් ස්ක්‍රීන් එවෝඩ් ” (Silver Screen Award ) දිනා ගෙන ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙහිදී හොදම රංගනය වෙනුවෙන් ලබා දෙන නිර්දේශිත නාම අතරට රන්දික ගුණතිලකගේ නම ද එක් වී තිබීම විශේෂත්වයකි.

මෙම සම්මාන දිනා ගත් පිරිස 12/08 දින රාත්‍රී 09.22 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රකට නළු නිළියන් පිරිසක් සහ තවත් මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: