hit counter

2024 සැප්‍තැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ජූනි 18, පෙ.ව. 12:05



අන්තර්ජාලය මඟින් ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි ජෝඩු දෙකක් පිළියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු, මුහුණු ආවරණයක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක්, ආලෝක කරන ෆ්ලෑෂරයක්, රූගත කිරීම සඳහා පරිහරණය කරන විශේෂ ඇප් එකක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්, සුදු පැහැති ක්‍රීම් අඩංගු ඇසුරුම්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25 ක් හා ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් තරුණ යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බව පොලිසිය කියයි.

පිළියන්දල බටකැත්තර කොංගහවත්ත පාර, දෙවන පටුමග කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු දෙකක ක්‍රියා කලාපය සැක සහිත බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

අදාළ තොරතුර සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස සොයාගෙන පොලිස් නිලධාරීන් බව පවසා නිවසේ දොරට තට්ටු කර විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට යාමේ දී කාමරයක සිට පිටතට පැමිණි කතුන් දෙදෙනා අඩ නිරුවතින් සැරසී සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීනියක් පැවැසුවා.

එහි සිටි තරුණයන් දෙදෙනාව සහ තරුණියන් දෙදෙනාව බිම හිඳුවා පොලිස් නිලධාරීනිය ඇතුළු නිලධාරීන් කාමරය පරීක්ෂා කිරීමේ දී එහි ඇඳ මත ඇස් ආවරණ සහිත වෙස් මුහුණු, කිම් වර්ගයක් අඩංගු ඇසුරුමක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක් මෙන්ම ඇඳ අසලම ආලෝක කරන ෆ්ලෑෂරයක් හා ජංගම දුරකතනයක් රැඳ වූ රඳවනයක් ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් තරුණ අඹු සැමි ජෝඩු දෙකෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේ දී මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෙම නිවස මසකට රුපියල් 25000 බැගින් කුලී පදනම මත රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ලබා දී නිවසෙහි පදිංචියට පැමිණ ඇති බවත් නිවෙස් හිමියාට පවසා ඇත්තේ අන්තඊර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදු කරන බව යැයි පොලිසිය කියයි. එයින් මසකට පමණ පසු බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවළ මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

නිවස කුලී පදනම මත ලබාගත් තරුණු යුවළ මෙම ජාවාරම සඳහා යොමුව ඇත්තේ මෘදුකාංගයක් හරහා බවත් අනෙක් යුවළ යොමුවී ඇත්තේ මුහුණු පොත හරහා බවත් පොලිසිය කියයි.

කුලී නිවසේ ඉදිරිපස කාමරය මේ සඳහාම විදුලි ආලෝක සව් කර සකසා ඇති අතර වරෙක අඹු සැමියන් අතර සජීවී ලිංගික දර්ශන මෙන්ම තවත් වරෙක කාන්තාවන් දෙදෙනා අතර ලිංගික දර්ශන සජීවී ලෙස අන්තර්ජාලය හරහා අදාළ චීන සමාගම වෙත යොමු කරන බවත්, එම අවස්ථාවල දී කිසිදු බාහිර ශබ්දයක් එම සජීවී දර්ශනයට හෝ ඊට සම්බන්ධ ශබ්දයට බාධා වන ලෙස අඩංගු නොවීමට වගබලාගත යුතු බවත් එසේ වුවහොත් තමන්ව නෙරපා හරින බව ද සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

බහුතරයක් අවස්ථාවල දී අදාළ සමාගම නොමඟ යැවීම සඳහා ක්‍රීම් වර්ග පරිහරණය කරන බව සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත.

වෙනත් රැකියාවක යෙදී මේ ආකාරයෙන් මුදල් සෙවීමට නොහැකි බැවින් දවසෙන් වැඩි වේලාවක් දිවා රාත්‍රී දෙකේම මාරු ක්‍රමයට සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය හරහා මුදා හරින බවත් ඒ හේතුවෙන් තමන්ගේ බැංකු ගිණුමට ඩොලර්වලින් බැර වන එම මුදල් රුපියල්වලට පරිවර්තනය වී සතියකට ලක්ෂයකට අධික මුදලක් බැර වන බවත් සැකකරුවන්ගෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

වයස 22,23,26,27 පසුවන සැකකාර අඹුසැමි ජෝඩු දෙක වෙළඳාම පිණිස මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම සහ අපනයනය කිරීම යන චෝදනා යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: