hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2026 ජනවාරි 17, පෙ.ව. 12:05



පහුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාම, අපූරු විවාහ මංගල උත්සවයක සේයා රූ සහ වීඩියෝ හුවමාරු වෙන්න ගත්තා.

ගොඩක් අයගෙ අදහස වුණේ එය, කාලෙකට පස්සෙ දැක්ක ලස්සනම මංගල උත්සවයක් වන බව.

ඒ මංගල සභාවේ කතා නායිකාව ‘සාෂා කරුණාරත්න’

සාෂා කරුණාරත්න කියන්නෙ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක්.

ඇයගෙ විවාහ මංගල්‍යය ගොඩක් දෙනාට සප්‍රයිස් එකක් වුණා කිව්වොත් හරි. බහුතරකගෙ අදහස වෙලා තිබුණෙ, මේ ගීත රූප රචනාවක් වන බව.

සාෂාගේ අතගන්න වාසනාවන්ත වුණු ඔහු නමින්, රාෂිද්.

සාෂා – රාෂිද් නියෝජනය කරන්නෙ සංස්කෘතීන් දෙකක්.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේත්, ඒ සංස්කෘතික විවිධත්වයට ගෞරව කරලා තිබුණා.

මේ විවාහ උත්සවය කාගෙත් කතාබහට ලක්වෙන්නත් එක හේතුවක්, මේ සංස්කෘති විවිධත්වයට දක්වා තිබුණු ගෞරවනීය ආමන්ත්‍රණය.

ඒ සුන්දර දවස ගැන සාෂා තබන ලද කෙටි සටහනකි මේ…

”අපගේ විවාහ උත්සවයේ කොටසක් වූ සියලු දෙනාටම හදවතින් ස්තුතියි.

Raashid සහ මම සංස්කෘති දෙකක්, ලෝක දෙකක් වුණත්, එකම අනාගතය තෝරාගත් දෙදෙනෙක්. ඒ simple අදහස, අපේ මංගල උත්සවයේ අපි පොඩි පොඩි තැන් වල සංකේතවත් කරන්න උත්සහ කරා.

දෙපැත්තේ තිබූ මේස දෙක.. අපේ වෙනස් ලෝක දෙක එකට එක්වීම සංකේතවත් කළ මුදු දෙකේ altar එක…

මම මංගල ශාලාවට ඇතුල් වුන අවස්තාවේ වාදනය වූ (රාෂිද් මං වෙනුවන්ම නිර්මාණය කළ) ජය මංගල ගාථාවේ තනුවට එක්මුසු කර තිබූ අරාබි නෂීද් ගීය

මගේ මංගල ඇඳුම තුළ තිබූ උඩරට රටා, රාෂිද්ගේ මහනුවර පවුල් පසුබිමත්, මගේ සිංහල සංස්කෘතියට ඇති ආදරයත් නියෝජනය කළා.

මගේ හිස හා අත් වල තිබූ පිච්ච මල් මාලා, රාෂිද්ගේ Lovi කුර්තායේ තිබූ ශ්‍රී ලාංකීය රටා — මේ සියල්ල අපි ගොඩාක් ආදරයෙන් තෝරාගත් පුංචි පුංචි details.

වෙනස්ම සංස්කෘති දෙකක් එකට එක්වූවත්, මේ උත්සවය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය බව සංකේතවත් කරන්න අපිට ඕනේ වුනා

අපගේ නෑදෑයන්ගෙත්, මිතුරන්ගෙත් ආදරය සහ සහයෝගය නිසා මේ සියල්ල ලස්සනට කරන්න ලැබුණ එක ගැන මට ලොකු ගෞරවයක් සහ සන්තෝසයක් තියෙනවා

අප දෙදෙනාගේ සංස්කෘති දෙකම මෙසේ ගෞරවයෙන් සමරන්න ලැබුණ අපිට ඉතාම විශේෂයි

මේක දිග කාලයක් බලාගෙන ආපු ආදරයක එක්වීමක සැමරුමක්.

ඒ සැමරීමට එදා එකතු වුන සියලුදෙනාටත්, එතන නොහිටපු, හැබැයි හරිම ආදරයෙන් social media වල බලන් හිටපු ඕගොල්ලන්ටත් බොහොම ස්තූතියි අපේ ආදරයට දුන්න ඒ ආදරය

ඔව්, මම මීට කලින් ඕගොල්ලන්ට මගේ ආදරය ගැන වැඩිය කියලා නෑ තමයි. හැබැයි ඕගොල්ලෝ දැන් දන්නවනේ මම interviews වලයි, මගේ videos වලයි කියපු අර “boyfriend” කව්ද කියලා

මේ wedding එක organize කරපු විදිහයි, අපිත් එක්ක වැඩ කරපු vendors ලා සියලු දෙනා ගැනයි, මම wedding එකට කලින් කරමු හැම දේම ඉක්මනින්ම video series එකකින් ගේන්නම්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: