hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 12:02



මේ ඡායාරූපය ඉතා සුවිශේෂීයි! 

ජනවාරි මාසයේ සති තුනක් ඇතුලත මධ්‍ය කදුකරය ආශ්‍රිතව එක් ස්ථානයක් හරහා ගමන් ගන්නා ඒ පරිසර පද්ධතියේ යාවජීව සාමාජිකයින් තමයි ඔබ මේ දකින්නෙ.

විවිධ දින තුල උගුල් කැමරාවක (Trap Camera / Trail Camera) සටහන් වූ ජීවීන් එකම රාමුවක් තුලට අරගෙන, ඒ ඒ ඡායාරූප කිහිපයක් එක් කරන්න Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන තමයි මේ අපූර්ව සේයාරුව නිර්මාණය වෙන්නෙ.

අපි එදිනෙදා භාවිතා කරන උගුල් කැමරාවකට ⁣වඩා තත්වයෙන් උසස් කැමරාවක් තමයි යනික් මේ ඡායාරූප ගන්න භාවිතා කරන්නෙ.

මේ ඡායාරූපය ඇතුලෙ ඉන්නවා විශේෂ 12 ක්.

ඒ වනගත බිළාල විශේෂ 2 ක් වෙන කොටියෙක් හා කොල දිවියෙක්, ඉත්තෑවෙක්, කලවැද්දකු හා උරුලෑවෙක්, වල් හාවන් හා කොටියට වම් පසින් සපුමල් කලවැද්දා / පැණි උගුඩුවා ලෙස හදුන්වන සතෙක් බොහෝ විට.

ඊට අමතරව ගෘහාශ්‍රිත බළලෙකු හා සුනඛයෙක්.

මේ හැම විශේෂයක් මේ ස්ථානය සංචරණය සඳහා යොදා ගන්නා සංදියක් (A Junction for Migration) සේම කොරිඩෝවක් (Wildlife Corridor) ලෙස භාවිතා කරනවා.

මේ ඡායාරූපයට ඕලු මුවෙක් / වල් ඌරෙකුත් එකතු උනා නම් එතනින් එහාට මේ ඡායාරූපය අංග සම්පූර්ණයි!

ලංකාවේ තේ වතු කියන්නෙ  නිකන්ම නිකන් තේ වතු නෙවෙයි.

ඇත්තම කිව්වොත් මිනිසා විසින් විකෘති කර පසුව සොබාදහම විසින් නැවතත් ප්‍රතිස්ථාපනය කල පරිසර පද්ධතියක්.

ඒ පද්ධතිය ඇතුලෙ ජීවත් වෙන සතුන්ට මේ තේ වතු කියන්නෙ තවත් එක් වනාන්තරයක්.

ලංකාවෙ තේ වතු ආශ්‍රිතව ඉතා උසස් සේම පුළුල් වූ ජෛව විවිධත්වයක් දකින්න ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: