hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 11, පෙ.ව. 9:55



වයස අවුරුදු 44ක සහ 46ක ආබාධිත දුවයි පුතයි රැකබලා ගන්න අසූ එක් හැවිරිදි මවක් පිළිබඳව දුක්බර පුවතක් මාතලේ  මඩවල  ඉඹුල්ගොල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වෙනවා.

ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අම්මා කෙනෙක්. 

අඩසියවසකට ආසන්න කාලයක් තම දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ මෙම අම්මාගේ එකම බලාපොරොත්තුව තමන්ගේ ඇස් දෙක පිය වෙන්න කලින් දරුවන් දෙදෙනාගේ ඇස් දෙක පියවීම බව ඇය හැඬු කඳුළින් අප සමග සඳහන් කළා.

බී.ආර්.ඩබ්ලිව්.දොරකුඹුර අසූ එක් හැවිරිදි සිවුදරු මවගේ ආදරණීය සැමියා ද දශකයකට ඉහත දී මෙලොව හැර ගොස් තිබෙනවා.

මෙම මවට දරුවන් හතර දෙනෙකි පිරිමි  දරුවෙකු විවාහ වී වෙනත් ප්‍රදේශයක වාසය කරන අතර තවත් දියණියක් මෙම මව සහ සහෝදරයාත් සහෝදරියත්  නිසා කසාදය අසාර්ථක වී දරුවෙක් ද සමඟ මවගේ නිවසේ ජීවත්වන වන්නේ වසර පහළොවකට අධික කාලයක සිටයි.

 44 හැවිරිදි චමිලා එරන්දතීත්  46 හැවිරිදි නලින්ද බණ්ඩාර උපතින්ම ආබාධිත වූ දරුවන් වෙයි.

උපතේ සිට මේ දක්වාම මෙම දරුවන් දෙදෙනාගේ සියලු අවශ්‍යතා සපුරනු ලබන්නේ මෙම මව විසින්.

පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී දොරකුඹුර මාතාව විශ්‍රාම ගෙන තම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් කැප කරන්නට සිදුව තිබෙනවා.

ආබාධිත සහිත දරුවන් දෙදෙනා නැහැවීම කැවීම පෙවීම් ඇඳුම් පැළඳුම් ඇන්ඳවීම් සහ ආහාර සොයා ගැනීම සියල්ල සිදු වන්නේ මාසිකව ඇයට ලැබෙන රුපියල් දාහක් දාක විශ්‍රාම වැටුණේ වීම විශේෂත්වයක්.

මෙම මව විඳින දැඩි දුෂ්කරතාවයත් සහෝදරයා සහ සහෝදරියටද සිදුව ඇති මෙම ආබාධිත තත්ත්වය නිසා ඔවුන්ගේ   වැඩිමහල් සහෝදරිය වන මංජුලා කුමාරි මහත්මියට සිදු වූයේ විවාහ දිවියෙන් ඉවත් වී මවටත් සහෝදරයාටත් සහෝදරියට   සැලකීමයි.

විවාහ දිවිය අවසන් වෙද්දී ඇයටද පාසල් යන දරුවෙක් සිටි ඔහු ද මේ වන විට උසස් අධ්‍යාපනය හදාරන දරුවෙක්.

මෙම නිවසට ගිය අවස්ථාවේවේ අපට දැක  ගැනීමට හැකි වුයේ වැඩිමහලු පුතා අනෙක් දියණියත් මුළු ගේ පුරා දණ ගාමින්  සිටින ආකාරයයි.

ඔවුන්ට කිසිවක් නොතේරෙන අය වෙයි.

මළ මුත්‍රා කිරීම පිරිසිදු කිරීම් ආදී සියල්ල සිදු වන්නේ මෙම මෑණියන් සහ මංජුලා කුමාරි යන දෙදෙනා අතින්.

කෙසේ වෙතත් මෙම මාතාව සහ මංජුලා කුමාරි අප සමග කියා සිටියේ අඩුම තරමේ සහනාධාර මුදලක් හෝ ආහාර පාන සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ දෙපලට රෝද පුටුවක් ලබා ගැනීමට නොහැකි වීම වසර ගණනාවක් සිටම සිහිනයක් වී තිබෙනවා.

මෙම අයට වත්පිළිවෙත් කිරීම පිරිසිදු කිරීම් සඳහා නිවස පිටුපස ඇති ටැංකියක් වෙත රැගෙන ගොස් සිදු කරනවා.

කෙසේ වෙතත් දැඩි අවධානමක් ගෙන මේ මව ආබාධිත දරුවන්ගේ රැවුල් කොන්ඩ කපා පිරිසිදු කිරීම් සිදු කරන අතර අනික් දියණියගේ සියලු අවශ්‍යතාවයන් ද සිදු කරයි.

මෙම අයගේ එකම බලාපොරොත්තුව රෝද පුටුවක් ලබා ගැනීම, නිවස තුළම වැසිකිළි කැසිකිළි සහ දිය නෑමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම මෙම දෙදෙනාට ආහාර අවශ්‍යතාවය පවතින බවත් ඔවුන් අප සමග සඳහන් කළා.

(දඹුල්ල – කාංචන කුමාර ආරියදාස)