hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:54



156 වැනි පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය පාසැල් මට්ටමින් පවත්වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්වුණා.

ඒ එම පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහායි.

“ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපිය වගකීම” මැයෙන් ප්‍රජා පොලිස් ඒකකය මෙහෙයවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් මෙලෙස ක්‍රියාත්මක වුණා.

ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“දැන් මොනවද ඕගොල්ලොන්ට ලැබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුනොත්? එක අම්මා කෙනෙක් කිව්වා සර් අපිට ජනප්‍රිය පාසලක් ලැබෙනවා. එක අම්මා කෙනෙක් කිව්වා මහත්තයා ශිෂ්‍යයාධාර හම්බ වෙනවා. තව අම්මා කෙනෙක් කිව්වා මහත්තයා පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒකත් ඇත්ත. දැන් ගමේ කෙලින් ඉන්න පුළුවන් අපේ එකා පාස් උබලගේ එවුන් …ඔය ටික විතරයිනේ. 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මැතිතුමනි, බලපාන්නෙ ඔය ජනප්‍රිය පාසල් සංකල්පයට විතරයිනේ සර්. කවදාවත් රස්සාවකට ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අහන්නේ නැහැනේ උඹ ශිෂ්‍යත්වය පාස් ද? අහන්නේ නැහැ නේ සර්. ඇහුවා නම් මේ රස්සාව අපි කරන්නද? ශිෂ්‍යත්ව විභාගයට ඔබ ඔබේ දරුවාව මෙහෙයවන එක පිළිබඳව මා දන්නේ නැහැ. හැබැයි වද දීම අනවශ්‍ය කාරණයක්. ඒ තුළ සිදුවන මානසික අපයෝජනයේ ප්‍රතිඵල අපි දැක්කා. ශිෂ්‍යත්ව විභාගයට ම පුරුදු කරන ඉස්කෝලයක්. ඒකෙන් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. 170කට වැඩිය ගන්නම ඕනේ. එහෙම කියලා ම තමයි ගන්නේ ළමයව. ළමයි දහතුන් දෙනෙක් මනෝ විශේෂඥ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකර්ම ගන්නවා.අපේ ළමයින්ට ජීවිතේ තිත්ත වෙලා. විනාශ වෙලා. මේවා මානසික අපයෝජන. එහෙම නීතියේ තියෙනවා. එහෙම නීතිය කරලා අම්මලාව අත්අඩංගුවට ගන්න ගියොත් එහෙම මං හිතන්නේ බාගෙට බාගයක් අත්අඩංගුවට ගන්න වෙයි.

“මතුගම පැත්තෙ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආවා. ඒ දෙන්නම ගුරු යුවළක්. ඒගොල්ලො ආවේ පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කොළඹ මේ ප්‍රධාන පෙළේ ඇහෙන තෙක් මානයේ පිරිමි පාසලකට දාපු තමන්ගේ පුතා දැන් සති තුන හතරක් ගෙදර එන්න නැහැල්ලු. මෙයා ඉන්නවා මේ මරදාන පැත්තෙ තැනක. ගියොත් එක්කං එන්න පුළුවන් කියලා කිව්වා. ඒ ගෙදරට යනකොට මේ පුතා ඉන්නවා. තව ඉන්නවා වයස අවුරුදු තිස් ගණනක කාන්තාවක්. මම කිව්වා ඔය දෙන්නම එක්කගෙන එන්න අපේ ආයතනයට. සිද්ධිය මෙහෙමයි වෙන්නේ. මේ අවුරුදු දාහතක් සම්පූර්ණ වෙච්ච උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න පිරිමි ළමයා ප්‍රේම සම්බන්ධතාවයක් කරගන්නවා වයස අවුරුදු 14ක දියණියක් සමඟ. ඒ දියණිය අම්මට ගිහින් කියනවා අම්මේ මෙහෙම මම ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගත්තා කියලා. අම්මා කියනවා එක්ක වරෙන් බලන්න, මට බලන්න ඕනේ කියලා. මේ ළමයා යනවා මේ ගෙදරට. ගියාට පස්සේ ඉතින් ඒ අම්මා කතා කරලා බලලා කියනවා හරි හොඳයි අපේ දුවට කැමතිනම් මගෙත් අකමැත්තක් නැහැ. මෙහෙ නවතින්න පුළුවන්. කාලයක් යනකොට දුවව යවනවා ඉස්කෝලෙට. පුතා ගෙදර නවත්ත ගන්නවා. ඒ පුතා පාසල් යාම අතහැරලා කුලී වැඩකට යනවා. මට මතක විදිහට රුපියල් 1500ක් 2000ක් විතර හම්බ වෙනවා. ඒකත් ගන්නවා. එතන වෙන කතාවකුත් තියෙනවා. අර මතුගම අම්මා මගේ ජීවිතේ සර් අගේ ඇස් දෙකට දැක්ක එකම දවස මගේ කාර්යාලය ඇතුලේ අර අවුරුදු දාහතක පුතාට දණ ගහලා වැන්දා. දණගහලා වැදලා කිව්වා රත්තරන් පුතේ අපි යමු ගෙදර.ඔක්කොම අමතක කරලා ගෙදර යමු. ඔයා මට තිත්තයි. ඒ පුතාගේ උත්තරේ ඔයා මට තිත්තයි. එක්ක යන්න බැරි වුණා. ඔයා ඔහොම කතා කළා නම් ඒ කාලේ මං මෙහෙම කරන්නේ නැහැ. දරුවෝ නිසා දෙමව්පියෝ අසරණ වුණ අවස්ථා එමටයි. ඒවායේදී දෙමව්පියන්ට ඒ වගකීම හරියාකාරව ඉෂ්ට නොවීමේ ප්‍රතිඵල අපි දැක්කේ.”