hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 12:41



මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ.

ඇත්තෙන්ම ඇන්තනී පවුල ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

ඒ තරමට ජැක්සන් පවුලේ ආදරණීය කලාකරුවන් ලාංකීය ජනයාට ඉතාමත් සමීපයි.

කොහොම වෙතත් මේ පවුලේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි සුදත් ඇන්තනී කියල කියන්නේ.

මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඉතින් මේවෙද්දී රිය අනතුරකට ළක්ව ඔහුගේ සහෝදරයා ජැක්සන් ඇන්තනී රෝහල් ගත කරල ඉන්නවා කියල හැමෝම වගේ දන්නවා.

ඉතින් ඒ ගැන සහෝදරයෙකු හැටියට තමන්ට දැනෙන හැගීම ඔහු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පවසලා තිබුණා.

ඒ මෙලෙසයි.

”අපේ ජැක්සන් අයියා සුව වෙමින් පවතිනවා. මම ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ කරන ප්‍රාර්ථනාවන් ඒ විදියටම කරගෙන යන්න ඉක්මනටම අයියා සුව වෙලා එනවා හිටියටත් වඩා හොදට. ගොඩක් දෙනෙක් අයියා වෙනුවෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. මගේ ජීවිතේ හැම දේකටම හැම තීරණයකටම මට හෙවනැල්ල වගේ හිටියේ මගේ පොඩි අයියා. එයා වෙලාවකට මගේ තාත්තා, සහෝදරයා, හොදම යාලුවා වගේ ඉන්නේ. එහෙම කෙනෙක් මගේ සහෝදරයා වීම මම කරපු ලොකු පිනක්. අපි පස් දෙනා පස් විදියක්. අපි පොඩි කාලේ හරිම සතුටින් හිටියේ. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ පොඩි අයියා වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරන්න කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: