hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 23, පෙ.ව. 12:04



අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.

ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි. 

පහුගිය කාල සීමාව පුරාවටම මේ රංගන ශිල්පිනිය එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මියව කලා කටයුතුවලින් අපටදැකබලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඒකට හේතුව ඇය පියවුරු පිළිකා රෝගයට 2020 වර්ෂයේ දී ගොදුරු වීම නිසයි.

වෙන කාටත් වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙච්චි ඇයට  මේ වගේ ලෙඩක් වැළඳුණ ද කියලා තමයි හැමෝම මුලින් ඇහුවේ.

කොහොම නමුත් ඒ කාල සීමාවේදී ඉක්මනින්ම මේ රෝගී තත්ත්වය අඳුන ගත්තු නිසා ඇයට හැකියාව ලැබුණා සුව වෙන්න ප්‍රතිකාර ලබාගන්න.

හැබැයි දැන් තත්වය ඊටත් වඩා වෙනස් වෙලා.

ඉතින් ඇගේ අසනීප තත්වය ගැනත් ඇය ගැනත් පුවත් පත් සාකච්ඡාවකදී පළ කරපු අදහස් තමයි මේ.

තවමත් ප්‍රතිකාර කටයුතු එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?

තවමත් ප්‍රතිකාර කරමින් ඉන්නවා. දෙවැනි වතාවට ටිකක් අමාරු වුණු නිසා නැවත කිමෝ තෙරපි පටන් ගත්තා. ඒ නිසා ආයෙමත් කොණ්ඩේ ගියා. පෙනුම වෙනස් වුණා. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළේ නම් මම ජීවත් වෙයි කියලා හිතුවෙත් නැහැ. නමුත් දැන් නම් මම ඉස්සරට වඩා ගොඩක් හොඳින් ජීවත් වෙනවා. මගේ සැමියා කුමරු හා පවුලේ හැමෝම මාව බලා ගන්නවා.

ඒ වගේම ඇය මේ වෙද්දි රංගනයෙන් නිර්මාණවලට දායක වෙන්නේ නැහැ.ඒ ගැනත් ඇය මෙන්න මේ වගේ අදහසක් දක්වා තිබුණා.

දශක තුනකට එහා කලාව එක්ක ජීවිතේ ගෙවූ සුසන්තාට දැන් කනගාටුවක් නැද්ද රඟපාන්න අවස්ථාව නැති එක ගැන ..?

මම මුලින් සනීප වුණාට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ආයෙමත් අසනීප වුණු නිසා මම හිතුවා ප්‍රතිකාර හරියට කරන්න ඕන කියලා, වෛද්‍යවරුන් මහන්සි වෙනවා වගේම මගේ කැපවීමත් තියෙන්න ඕන. ඒ වගේම දැන් රඟපාන්න තරම් පෙනුමක් මට නැහැ. යථාර්ථය ඒකයි. ඒ වගේම සතුටින් පැනලා චරිතයක් භාරගන්න තරම් ගුණාත්මක නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බලමු. කිසිම දුකක් නැහැ. මොකද අද බිහි වෙන නිර්මාණ එක්ක එහෙම දුකක් ඇති වෙන්නෙ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: