hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 11:30



මුල්ම කාලෙ මුහුණු පොතේ මම ඇගේ නම කියෙව්වෙ තිලිණි නදීකා ෂැල්වින් කියල වගෙයි මතක.

ඒත් දැන්නම් තිලිණි, නදීකා කෑල්ල පාවිච්චි කරන්නෙ නෑ වගේ.

පහුගිය සතියෙ නම් තිලිණි ෂැල්වින් නගරයේ කතාව Talk of the town නෙවි මුළු ලංකාවෙම කතාබහට ලක්වුණු කතා නායිකාව.

සමස්ත ශ්‍රී ලංකා ගුරුවරියන්ට අභිමානයක්, කීර්තියක් ගෙනැත් දුන්නු ගුරුවරියගෙ චරිතය.

තිලිණි ෂැල්වින් ගුරුතුමී ගැන පහුගිය දවස්වල මුහුණු පොත (Face book) බ්ලොග්ස්, වෙබ් අඩවි, වෝල්ස් පිරෙන්න ලියැවුණා. 

ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා.

එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ අවශ්‍ය නම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය යුතු බවත් යන මතවාදීමය අරගලයක් ගුරුවරියන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරමින්, ඒ ආකාරයට වෙනත් ඇඳුමින් සැරසී පාසලට පැමිණ ඒ පිලිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමයි.

පසුගියදා ක්‍රියාත්මක වූ මතවාදී අරගලයේ ප්‍රමුඛතාවක් ගත් ෂැල්වින් නමැති ගුරුවරිය ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පළ කරමින් ඒ ගැන ලියූ සටහන පහත දැක්වෙනවා.

මේ වෙද්දි ඇත්තටම පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා තියනව මේ අසිරිමත් ලංකාවෙ. අද උදේ ඉස්කෝලේ එන්න ලෑස්ති වෙන අතරෙ ෆෝන් එක බලද්දි මෙයා මාවත් මෙන්ශන් කරලා fb මඩ පේජ් එකක කමෙන්ට් දදා යනව මට බනින උංට. මං කීවා ඔයා ඕවයෙ කමෙන්ට් කරන්න එපා ඕකුං ඔයාවත් අල්ලන් මඩ ගහාවි කියලා.

“ඉතිං ගහපුදෙන්” එයාගෙ උත්තරේ…

මේ සාරි හුට්ටප්පරේ පටන්ගන්න කලින් මගෙ යාලුවෙක් ඇහුවා “ඔයාගෙ අයියා මොකුත් කියන් නැද්ද මේවට” කියලා. ඇත්තටම මානව හිමිකම් ගැන අවබෝධයක් තියන නිසාත්, මගේ ශක්තිය එයා දන්න නිසාත් එයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි මේ fb කතා ගේ අස්සෙ කතා කරන්නෙත් නෑ.

ඊයෙ පෙරේදා තව යාලුවෙක් මැසේජ් කරනවා “ඔයාට වඩා අයියට මං ගොඩක් ගරු කරනව” කියලා.

ඇත්තටම එදා මැච් එක බලන්න ගිය දවසෙ වටේ පිටේ මිනිස්සුන්ගෙ කසුකුසු ඉවසගෙන හිටපු එකම ලොකු දෙයක්..

ඊට කලින් දා අපි වැව රවුමෙ ඇවිදන් ගියා. බබාගෙ ඇඳුම හදන්න මොහොතක් බෙන්ච් එකක් ගාව නැවතුණා. එහා පැත්තෙ හිටපු කොල්ලෙක් ඒ බෙන්ච් එකෙන් නැගිටලා ෆ්‍රන්ට් කැම් එක එක්ක වීඩියෝ ඔන් කරගන්නව මං දැක්ක නිසාම හස්බන්ඩ්ගෙන් කවර් වුණා.

ලංකාව කියන්නෙ මිනිස්සුන්ට නිදහසේ හිතන්න පතන්න තාම සුදුසු රටක් නෙවේ. විශේෂයෙන්ම කාන්තාවක් නිදහසේ කතා කරනව දැක්ක ගමන් කඩිකන මානසිකත්වය මිනිස්සුන්ගෙන් තුරන් වෙන්න තව කාලාන්තරයක් යයි.. හැබැයි ඒ කාලාන්තරය මුලුල්ලේ මිනිස්සු වhල් චින්තනයෙන් බැඳිලා ඉඳීවි.

ඔය මඩ පේජ් කාරයෝ කොච්චර නම් දේවල් කරාද මානව හිමිකන් පැත්තක දාලා තමන්ගෙ කසිකබල් මතවාද දිනවන්න…

වැටෙන්නෙ නෑ බං.. වට්ටන්න බෑ…

මේ තමා හයිය…

මගේ දරුවා වැඩුණු මිනිසෙක් වෙන කාලෙට, ඔහුට නිවහල් මිනිසෙක් ලෙස හිස ඔසවා තැබීමට මේ සමාජය අදට වඩා යහපත් තැනක් කරන්න මගේ උපරිම දායකත්වය ලැබිල තිබුණනම් එච්චරයි

මේ සමාජ පෙරළියට දායක වෙන තවත් එක ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විදිහට ඔය මඩ ගහන ඈයන්ගෙ දරුවන්ටත් නිවහල් හෙටක් ගොඩනැගිල තියේනම්… ඒකම ඇති..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: