hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 09, පෙ.ව. 12:02



අපේ කලා ලෝකය තුළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරපු ආදරණීය චරිතයක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.ඇය මේ වන විට පෝගාතුර වෙලා කාලය ගත කරන නිසා කලාවෙන් ටික කාලෙකට සමු අරන් ජීවත් වෙනවා.

කෙසේ නමුත් ඇයගේ කලා ගමනත් එක්කම ඇයගේ ආදරණීය දියණියත් කලාවට අවතීර්ණ වුණා.ඇය තිසුරි යුවනිකා.ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි රංගන ශිල්පිනියක් විදිහට කලාව තුළ නිරත වුණු ඇය මේ වන විටන්ස්ම් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා නැහැ.ඒකට හේතු ඇය විදෙස් ගත වෙලා කාලය ගත කරන නිසයි.

ඇය විදෙස් ගත වෙලා ඉන්න ඇගේ ආදරණීය සැමියත් එක්ක.කෙසේ නමුත් ඒ ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ෆ්ලයිට් එකට නගිද්දි හිතට හරි අමුතු දුකක් දැනුණා. කවුරු කොහොම කිව්වත් තමන්ගේ රට තරම් අනිත් රටවල ජීවත් වෙන එක සතුටක් නැහැ වගේ හැඟුණා. මුල් කාලේ ලේසී වුණේ නැහැ. වින්ටර් එක සමර් එකත් එක්ක මේ මොන ජීවිතයක්ද කියලා හිතුණා. මම හස්බන්ඩ් කිව්වා ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණු ගමන්ම අපි ලංකාවට යමු මොකක්ද මේ ගෙවන ජීවිතේ කියලා.

මම පුංචි කාලේ ඉඳලා හිතපු දෙයක් තමයි මම කවදා හරි පිටරටක ජීවත් වෙන්නේ කියලා. ඒ හීනය සෑබෑ වුණා. ඒ ගැන සතුටු යි. ඉතිං මම ආසයි ඉන්න. ඒත් හස්බන්ඩ් කැමති නැහැ. එයා කියන්නේ කවදා හරි ලංකාවට යන්න ඕන කියලා. අපි ආවේ මගේ හස්බන්ඩ්ගේ ජොබ් එක සම්බන්ධ වැඩිදුර අධ්‍යාපනයට. බලමු ඉතිං.. ඉන්න හිතුණොත් ටික කාලයක් ඉන්නවා. එහෙම හිටියොත් ඉක්මනින් මගේ අම්මා තාත්තා වගේම හස්බන්ඩ්ගේ අම්මා තාත්තා අපි ළඟට ගන්න තමයි ප්ලෑන් කරන්නේ .”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: