hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 13, පෙ.ව. 12:04



මේ කියන්නේ සමාජමාධ්‍ය තුළ මෙ දවස්වල බොහෝ සංසරණය වූ වීඩියෝවක් හා සබැඳි කතාවක්..

සහෝදර බැඳීම, කොයි කවදාත් සමාජයේ කතාබහ කරන කාරණයක්.

ආදරය වගේම දුක, සතුට, කෝපයත් අඩු වැඩි වශයෙන් සහෝදර බැඳීම ඇතුළේ තියෙන්න පුළුවන්.

ඒත් ඒ කතාවේ ආදරය ගැනම විතරක් බොහෝ දෙනා දකිද්දී , ඊට වඩා වෙනස් කෝණයකින් ඒ කතාව ගැන ලියවුණු සටහනක් මුහුණුපොතෙන් දැකගන්න ලැබුණා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඉතින් මේ කතාව කියනකොට සිහිපත් වෙන්නේ එක දෙයක් විතරයි.

අතීත අත්දැකීම් ඒ ආදරය ඒ අක්කාට දැනෙන විදිහට කියපු එක වරදක්ද?

නැත්නම් ඒ තත්වය ඇත්තටම වෙනස් වෙන්න ඕනද..? 

සමාජමාධ්‍ය තුළින් ඔබේ නෙත ගැටුන ඒ වීඩියෝව ගැන ලියවුණ සටහන මෙන්න.. 

“නංගියේ මං ආදරේට නෙ ගැහුවේ – දෑවැද්දට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය! 

මේ අක්කා තමන්ගෙ නංගිට ගහපු හැටි කියලා නංගිගෙ මගුල් දිනයේදී සුබ පතනවා. ලින්ක් එක මුල් කොමෙන්ටුවේ. 

ලංකාවේ ප්‍රචණ්ඩත්වය සාධාරණය කිරීම මීටත් වඩා හොඳින් අහන්න වෙන්නෙ නෑ. අක්කා පයින් ගහපු හැටි රොමැන්තිකරණය කරන්න මීටත් වඩා වචන නෑ. දරුවන් අතර ඇතිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තේරුම් ගන්න මීටත් වඩා සාධක අවශ්‍ය නෑ.

“පුතේ, මං ගැහුවේ ආදරේට” කියලා කියන එක තරම් දරුවන්ට මොලේ අවුල් වෙන දෙයක් නෑ. ආදරයයි ප්‍රචණ්ඩත්වයයි එකම මිණුම් දණ්ඩෙන් සමාන්‍යකරණීය කරන තරම් මොංගල් දෙයක් නෑ. හැබැයි වචන වලින්, හැඟීම් වලින් වෙස් වලාගත් සත්‍යයට මිනිස්සු රැවටෙන හැටි ලයික්ස්, හාර්ට්ස්, ශෙයාස් වලින් පේනවා නෙ… 

නංගිට සුබ මංගලම්!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: