hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:06



මංගල උත්සවය සඳහා සුදනම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 

සිද්ධිය මෙසේය.

මවුපියන්ට ඉතාමත් පියකරු ලස්සන දියණියක් සිටියාය. පවුලේ එකම දරුවා වූ ඇයට මවුපියන් දැඩි ආදරයක් දැක්වූ අතර, පියා ගොවි තැනින් උපයා ගන්නා මුදල් දියණියගේ බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කළහ.

ඇය පාසල් යන වයසේදී ඇති කරගත් ඇසුරක් මත ගොඩ නගාගත් ආදර සබඳතාවයක් පවත්වා ගෙන ගිය තරුණයකු, තමා විවාහයට තෝරාගෙන ඇති බව තරුණිය මවුපියන්ට පැවැසුවාය.

මවුපියන් තරුණයාගේ වතගොත විපරම් කර බැලීමේදී, අසල ගමක වත් පෝසත් කම් අතින් අඩු, පවුල් පසු බිමට නොගැළපෙන අයකු බැවින් එම තරුණයා සමග විවාහ වීම සුදුසු නැති බව මවුපියෝ දියණියට කීහ. ඔවුහු ඊට විරුද්ධත්වය පළ කළහ.

තරුණිය මේ ගැන කරුණයාට දැනුම් දීමෙන් පසු තරුණයා යෝජනා කළේ මවුපියන්ට හොරා විවාහ වෙමු කියාය. ඒ සඳහා දිනයක්ද නියම කෙරිණි. එම අදහසට එකඟ වූ තරුණිය, වියදමට මුදල් තම බැංකු ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කළාය.

එක් දිනක් නගරයේ බැංකුව වෙත ගිය තරුණිය සහ කරුණයා තරුණියගේ බැංකු ගිණුමෙන් විශාල මුදලක් ලබා ගත්හ. මුදල් යත් ඔවුන් රෙදි පිළි කඩයකට ගොස් තරුණියට අවශ්‍ය සාරී, ගවුම් රෙදි ආදි අවශ්‍ය දේ මිලට ගැනීමෙන් පසුව, ඉතිරි මුදල් තරුණයාට දී ඇයට අවශ්‍ය රත්‍රන් බඩු මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

නියම කරගත් දිනයට විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වූ තරුණියට, තම පෙම්වතා කලින් මෙන් ඇමැතුම් නොදී, හමු වීම මඟ හරිමින් කාලය ගෙවී යන අතරතුර නියම කරගත් විවාහ වීමේ දිනයද පසුවී ගියේය.

ඉතාම වේදනාවට පත්ව සිටින ඇයගේ නමට තැපෑලෙන්, ලියුමක් ලැබුණි. එය තම පෙම්වතාගෙන් බව දැනගත් ඇය ලිපිය විවෘත කර බැලීය.

ආදර……… මම ඔයා සමග විවාහ වෙනවට දෙමාපියන් කැමැති නැහැනේ. මොකටද දෙමාපියන්ගෙ හිත රිද්දවන්නෙ. අර සල්ලි වලින් මම මගේ ඥාති නැගණියක විවාහ කරගන්නට කටයුතු කළා. මම ඇය සමග දැන් ජීවත් වෙනවා. ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්. කළ උදව්වට බොහොම ස්තුතියි ! මීට ආදරෙන් සිටි මම වෙමි.

ලිපිය කියවීමෙන් පසු මළානිකව ගිය තරුණිය තම කාමරයේ ඇඳට ගොස් සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන කඳුළු සලන්නට විය.

මවුපිය විරෝධයෙන් පෙම්වතාත්, මුදලුත් අහිමි වීම ගැන ඇය දුක් වූවාය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: