hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 06, ප.ව. 2:30



ජාතික සමගිය සංහිදියාව විදා දක්වෙන  සුවිශේෂි සර්ව ආගමික වෙසක් උත්සවයක් මෙම වෙසක් පෝ දින (05) දවස පුරා ගාල්ල දෙවට අධිවේගි මාර්ගය ඉදිරිපිට දි පැවැත්විමට ගාල්ල ඒකාබද්ධ සහයෝගිතා  සංසදය පියවර ගෙන තිබුණා.

බහු ආගමික බහු ජාතික පිරිසක් ජිවත්වන ගාල්ල නගරයේ  මෙම වෙසක් කලාපයහි මුලිකත්වය ගෙන ඇත්තේ ඉස්ලාමිය හින්දු හා කතෝලික බෞද්ධ පිරිසක්.

මෙහි වෙසක් කූඩු බැති ගි වෙසක් සුභ පැතුම්පත් හා සැරසිලි, මුස්ලිම් ප්‍රජාව විසින් නිර්මානය වි කර තිබෙනවා.

මෙම ⁣බැති ගී සරණිය මොවුන් විසින් නම් කොට ඇත්තේ සංහිදියාවේ අපේ වෙසක් කලාපය හා බැති ගී සරණිය යනුවෙනුයි.

මේ සදහා සවිය සංවර්ධන පදනම සහ සහන සමාජ සංවර්ධන මෙම එකමුතුවට සහයෝගිත්වය දක්වා තිබෙනවා.

මේ අතර හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි පාසල් ළමුන් සහ තරුණයන් පිරිසක් එක්ව දර්ශනිය කැරකෙන පහන් කුඩුවක් සහ රුවන්පුර වැවෙහි නෙළුම් මල් හතක් නිර්මාණය කර තිබුණා.

සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් පාසල් ළමුන් සහ තරුණයන් පිරිසක් එක්ව නිර්මාණය කල දර්ශනිය කැරකෙන පහන් කුඩුව සහ නෙළුම් මල් හත නැරඹිමට රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් මෙන්ම අවට වතු වල වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වුණා.

සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් නගර සිමාවේ වෙසක් සිරියෙන් අලෝකමත් කර තිබුණා.

වසර කිහිපයකට පසු හැටන් නගරයේ දර්ශනිය පහන්කූඩු, භක්ති ගි ප්‍රසංග, දන්සැල් පැවැත්විම නිසා හැටන් ප්‍රදේශවාසින් ඇතුළු අවට වතු වල වතු කම්කරුවන් විශාල පිරිසක් වෙසක් සිරි නැරඹිමට හැටන් නගරයට පැමිණ සිටියා.

ගාල්ල – ලලිත් චාමින්ද / හැටන් – රංජිත් රාජපක්ෂ