2022 මාර්තු 29, පෙ.ව. 6:44
ඔස්කාර් සම්මාන උළෙලේදී හොලිවුඩ් නළු විල් ස්මිත්ගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රිස් රොක්, විල් ස්මිත්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන බව ලොස්ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර ඔස්කාර් සම්මාන උළෙල මෙහෙය වූ විකට නළු ක්‍රිස් රොක් විසින් සම්මාන උළෙල අතර තුර විල් ස්මිත්ගේ බිරිඳව අනවශ්‍ය ආකාරයෙන් උපහාසයට ලක්කරනවා.
ඒ සම්බන්ධයෙන් කෝපයට පත් විල් ස්මිත් වේදිකාවට පැමිණ ක්‍රිස් රොක්ට කනේ පහරක් එල්ල කරන්නේ එහි සිටි සියල්ලන් පුදුමයට පත් කරමින්.
විල් ස්මිත්ගේ බිරිඳ හිසකෙස් හැලීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ක්‍රිස් රොක් විසින් එය මෙලෙස සම්මාන උළෙලේදී උපහාසයට ලක්කරනු ලැබුවා.
එහිදී පැමිණ සිටි පිරිසකගේ සිනහවත් සමඟ ඇය දැඩි ලෙස අපහසුතාවයට පත්වන ආකාරය රූපරාමුවල දක්කන්ට ලැබුණා.
මේ අතර ”කින්ග් රිචඩ්” චිත්‍රපටිය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස විල් ස්මිත් සම්මානයට පාත්‍ර වුණා.
2026 ජනවාරි 25, පෙ.ව. 12:08
2026 ජනවාරි 25, පෙ.ව. 12:01
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:02
2026 ජනවාරි 23, ප.ව. 6:24