hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 ජනවාරි 29, පෙ.ව. 12:09



අපේ කලා තරු අතර, ‘තරු ගුණය’ මනාව පවත්වාගෙන යන සුරූපි චරිතයකි, ‘යුරේනි නොෂිකා’

රංගනය, නිරූපණය, නිවේදනය ආදී වූ කලාවේ බොහෝමයක් ඉසව් ස්පර්ශ කරමින් ඇය යන ගමන සුවිශේෂී එකක්.

ඒ අතර ‘යුරේනි නොෂිකා’ නම් ගායිකාව වඩාත් කැපී පෙනෙනවා කිව්වොත් හරි.

යුරේනිගේ අලුත්ම සිංදුව, “තාමත් බැඳලා නැහැ” ජනවාරි 29 වෙනිදා, ඒ කියන්නෙ ඇගේ උපන්දිනය දා ඔබට තිළිණ වීමට නියමිතයි.

හිත් ඇද ගන්න අපූරු TEASER එකක් සමාජ මාධ්‍යයට එක්කරමිනුයි, යුරේනි සිය අලුත් ගීතය ගැන ආරංචිය අරන් ආවේ.

එහි එක විශේෂත්වයක් රසික සමූහයා අතර කතාබහට ලක්ව තිබුණා.

ඒ, ‘Sri Lanka’s Lady Super Star’ මැයෙන් යුරේනිව හඳුන්වා තිබීම.

යුරේනි කියන්නෙ කාලයක් තිස්සෙ, තමන්ටම අනන්‍ය වූ ගමනක් යන තාරකාවක් කිව්වොත් හරි.

තෝරාගන්නා විලාසිතාවන් පවා, ඇයටම ආවේණික වූ ඒවා.

ඒ නිසාම ‘යුරේනි වගේ වෙන්න’ හීන දකින නවකයින් ඕනෑ තරම්.

”ෆීල්ඩ් එකේ ඉන්න සහ ෆීල්ඩ් එකට එන්න ඉන්න බොහෝදෙනෙක්ට වෙන්න ඕන,

‘යුරේනි අක්කා වගේ’ හැබැයි ඒක පිළිගන්න කැමති නෑ…”

එහෙම කියන්නෙ යුරේනි…

මීට කාලෙකට ඉහත “Lady Superstar Yureni Noshika” මැයෙන් යුරේනිව හඳුන්වමින් ‘Sri Lankan Artists’ ෆේස්බුක් පිටුවෙන් පළකරන ලද සටහනක් සම්බන්ධව මතකය අවදි කරමින් කරන ලද පළකිරීමකටයි ඈ මෙයාකාරයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණෙ.

මීට අවුරුදු 10-12 ට කලින් පටන් තමන් පවත්වාගෙන යන, ‘Team YN’ ගැනත් ඇය එහි සඳහන් කරලා තිබුණා….

උපුටාගැනීමයි ;

”අද අනිත් කට්ටිය ලස්සනට fashion කරලා තමන්ට නියමිත වටිනාකම අය කරලා ගෙවල් වාහන අරගෙන ඉන්නේ මම මුලික වෙලා හදපු path එක නිසා. එවා කියන්න අපේ industry එකෙ කට්ටියගේ දිව නැමෙන්නේ නෑ.

Field එකේ ඉන්න සහ ෆීල්ඩ් එකට එන්න ඉන්න බොහොදෙනෙක්ට වෙන්න ඕන ‘යුරේනි අක්ක වගේ’ හැබැයි එක පිලිගන්න කැමතිනෑ.

මට මගේ කියලා Team YN කියලා team එකක් හිටියේ මීට අවුරුදු 10-12 ට කලින්. එ කාලේ වස්ති අනුශ්ක කියනව ‘අක්කේ අපිටත් අක්කවගේ team එකක් තියාගන්න අපි මහන්සි වෙනවා කියලා.

අද එ මල්ලිලා මටත් වඩා දුර ගිහින්. හරිම සතුටුයි . මම මහන්සිවෙලා ‘celebrity’ කියන එක ලංකාවේ maintain කරන්න ගත් උත්සාහය අද සාර්ථක වෙලා අපේ නලු නිලියන් celebrity status maintain කරන්න ගන්න උත්සහය දැක්කම සතුටුයි.

මේ හැමදේම කලේ industry එකට තිබ්බ ආදරයට. මට ඕන වුනේ ලංකාව කියන පුංචි රටෙත් qaulity stars ල ඉන්නවා කියල ලෝකෙට පෙන්නන්න.

මම එක පුලුවන් විදිහට කල අනිත් අයටත් මාර්ගය පෙන්නුවා

හිතේ තියෙන්නේ සතුට පමනමයි

ස්තුති ඔයාලාට මගේ නිසි වටිනාකම ,නිසි title එක මට දුන්නට”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: