hit counter

2025 ජූලි මස 30 වන බදාදා

2025 ජූලි 30, පෙ.ව. 10:03


සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේය.

ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.

ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.

හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර ඇත. 

මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: