hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 12:38


හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට ඇප

2006 වසරේ පහරදීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු අද (08) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මොහු මුදා හැර තිබෙනවා.

ඉහත චෝදනා සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 29 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොච්චිකඩේ පොලිසිය වෙත භාර වූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: