hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 01, ප.ව. 12:50


ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 රුපියල් 685කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 4250ක් වෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1707 ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 795 ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: