2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
ඇමරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (CSZ) ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ විශාල මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා ඇත.
උතුරු කැලිෆෝනියාවෙන් වැන්කුවර් දූපත දක්වා සැතපුම් 600ක් පමණ දිගට විහිදෙන මෙම කලාපය දැවැන්ත භූමිකම්පන සිදුවන ප්‍රධාන භූගෝලීය ප්‍රදේශයක් බව ඔවුන් කියා සිටී.
පර්යේෂණ අනුව, ඉදිරි වසර 50 ඇතුළත මෙම කලාපයෙන් රික්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි ප්‍රබල භූමිකම්පාවක් සිදුවීමට සම්භාවිතාව 15%ක් පමණ පවතින අතර, එවන් භූමිකම්පාවක් හදිසියේම සිදුවුවහොත් කැස්කැඩියා කලාපය අතිශය වේගයෙන් වෙරළ භූමිය ගිලීමේදී අඩි සිය ගණනක් උසින් සුනාමි රළක් පැනනගිනු ඇතැයි විද්‍යාඥයන් අවධාරණය කරති.
මෙවන් සිදුවීමක් හේතුවෙන්, අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ මිලියන ගණනක ජනතාව පෙර නොදුටු විශාල අනතුරකට මුහුණදීමට සිදුවන අතර, එම කලාපයේ පරිසර පද්ධතියද දැවැන්ත ලෙස විනාශ විය හැකිය.
ඔවුන් පවසන්නේ, මෙවන් මෙගා සුනාමියක් හට ගත්හොත් මිනිසුන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය හැකි බවත්, ගොඩනැගිලි සහ දේපළ 170,000කට ආසන්න ප්‍රමාණයකට දැවැන්ත හානි සිදුවිය හැකි බවත්ය.
ඒ අනුව, අදාළ බලධාරීන් පෙර සූදානමෙන් සිටින ලෙස Virginia Tech විද්‍යාඥයින් ඉල්ලීමක් කර ඇත.
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 11:55
2025 අගෝස්‍තු 06, පෙ.ව. 10:15
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25