2025 ජූලි 29, පෙ.ව. 11:54
අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි අද (29) දින උදෑසන රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති අතර එහි ගැඹුර කිලෝමීටර 10ක් පමණ බව ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝමීටර් 260කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන ඇති අතර එහි ප්‍රබලත්වය ලංකාවේ රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළාය.
තවද එම භූකම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ සම්බන්ධව මෙරට ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළාය.
2025 ජූලි 29, ප.ව. 5:33
2025 ජූලි 29, ප.ව. 3:34
2025 ජූලි 29, පෙ.ව. 11:23
2025 ජූලි 29, පෙ.ව. 10:30
2025 ජූලි 28, ප.ව. 10:38
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25