hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 3:54


තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ් එකට ගිහිනුත් ගේම් ගහයි – අදත් ෆෝන් එකක් මාට්ටු

විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි රඳවා සිටින වාට්ටුවේ තිබී තවත් ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

එම ජංගම දුරකථනය ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.

තිලිණි ප්‍රියමාලි සතුව තිබී ඊයේ (10) දිනයේ දී ද ජංගම දුරකනයක් සොයා ගත් අතර, එය ඇය රඳවා සිටි සිරමැදිරියෙහි කාන්තා රැඳවියක විසින් ලබා දී තිබෙනවා.

ඒ සඳහා තිලිණි ප්‍රියමාලි විසින් ඇයට රුපියල් 50,000ක මුදලක් ලබාදීමට යි පොරොන්දු වී ඇත්තේ.

කෝටිපතියන්ගේ සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ජංගම දුරකථනය ගැන තවත් තොරතුරු එළියට

ප්‍රියමාලිට ෆෝන් එක දීපු කෙනා මාට්ටු

තිළිණි ප්‍රියමාලිගේ ජංගම දුරකතනයක් සොයා ගැනෙයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: