hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 10, ප.ව. 5:52



බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබී සොයාගත් ජංගම දුරකතනය ඇයට වෙනත් කාන්තා රැදවියෙකු විසින් ලබා දී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළව බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිලධාරීන්ගෙන් සහ රැදවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පවතින බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

සොයා ගත් ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, එය “කුඩා ජංගම දුරකතනයක්” බවට හඳුනා ගෙන ඇති බව යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: