2024 මැයි 31, ප.ව. 5:32
දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග එලවළු වගාවන් විනාශ විම හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට නොහැකි විම මත එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්, පවතින තත්ත්වය මත එලවළු හිගයක් ඇතිවිමේ අවධානමක් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙලද සංගමයේ නිලධාරින් පැවසුවා.
එම නිලධාරින් ඒ බැව් කියා සිටියේ (30) දින එළවළු මිල හා වත්මන් ගොවීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුසිල් ශාන්ත සහ ලේකම් ගුණසේකරන් ශිවා යන මහතුන් කියා සිටියේ ,
ගෝවා කිලෝවක ගැනුම් මිළ රුපියල් 70 ක් කැරට් කිලෝවක ගැනුම් මිල රුපියල් 120 ක් කිලෝවක ගැනුම් මිල රුපියල් 300 ක් රාබු කිලෝවක ගැනුම් මිල රුපියල් 80 ක් බිට්රුට් කිලෝවක ගැනුම් රුපියල් 320 ක් හා අර්තාපල් කිලෝවක ගැනුම් මිල 280ක් වශයෙන් අද අපි ගොවියන්ගෙන් ලබා ගන්නවා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ රටේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානයට වඩා සුවිශේෂී තැනක් ගන්නවා , අනිත් හැම තැනම කොමිස් මුදලට එළවළු ලබාගත අපි කරන්නේ පුංචි දාසයක් තියාගෙන එළවළු දෙන එක ඒකෙත් එළවලු කිසිම හේතුවක් නිසා විනාශ වෙන්නේ නෑ ,
වැඩි කොමිස් මුදලක් අපි ගන්නවා කියලා චෝදනා කළා අපි කොමිස් ගන්නේ නැහැ , අපි සේවකයෝ වතු වලට දාලා එළවළු ගලවන නිසා සේවකයන්ට ගෙවන්න ඕන , පඩි හා ප්‍රවාහන ගාස්තුවලට යන මුදල තමා කිලෝ එකක රුපියල් දහයක් විස්සක් අතර මුදලක් බෝඩ් එකේ දාලා තියෙන එළවළු මිලට වඩා අඩුවෙන් ගෙවන්නේ ,
සෘජුවම ගොවීන්ට එළවළු පිනක් දෙන්න අවස්ථාව දෙන්න කියලා අපෙන් ඉල්ලුවත් අපි ඒක දෙන්නැත්තෙ විකුණ ගන්න ඕනවට හැම කුණුගොඩක්ම පාර්සල් කරලා අපිට ගෙනත් දෙනවා, ඒවා අවශ්‍ය තැන්වලට සැපයූ විට කිලෝ ගානක් එතනින් අයින් වෙනවා, භාවිතයට නුසුදුසු එළවළු ඒකෙන් ලැබෙන පාඩුව මුළුමනින්ම දරාගන්න වෙන්නේ අපිට ඒ නිසා තමයි අපි වගාවටම ගිහිල්ලා අපිට අවශ්‍ය පමණක් ලබාගන්නේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන තුළ ඇතැම් කඩවල ගොවීන්ට නිසි වේලාවට එළවළු වල මුදල් ලබාදෙන නැහැයි කියන චෝදනාවක් තියෙනවා ,නමුත් ඒ ගැන අපිට අද වෙනකන් සෘජු පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ.”
මුදල් හා සම්බන්ධ පැමිණෙන දිහා වෙනත් ඕනෑම හැමවිල්ලක් නිලධාරී මණ්ඩලය දෙස සෘජුවම ඉදිරිපත් කරනවානම් ඒ සඳහා විසඳුම් ලබා දීමට අප සූදානම් බවද එම නිලධාරින් වැඩිදුරටත් පැවසුවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24