hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජූනි 15, පෙ.ව. 12:02



අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කළේය.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතට ශිෂ්‍යත්ව 16,152ක්, උතුරු පළාතට ශිෂ්‍යත්ව 8,636ක්, අනෙකුත් සෑම පළාතකටම ශිෂ්‍යත්ව 10,000 පමණ හිමිවන අතර එම වැඩසටහන යටතේ මසකට රුපියල් 3,000/- බැගින් මාස 12ක කාලයක් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත.

අ.පො.ස උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහනේ කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2000ක් වෙනුවෙන් එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම එළැඹෙන ජූනි (19) වනදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන අතර ශිෂ්‍යත්ව ප්‍රදානය කරන දිනයේදීම හිඟ වාරික ද සමඟ සිසුන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන අතර ඉන් පසුව සෑම මසකම පළමු සතියේ online ක්‍රමවේදය යටතේ අදාළ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ ගිණුම වෙත සෘජුව බැර කරයි.

ඉතිහාසයේ පළමු වරට පිරිවෙන් හා සිල්මතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වු වහාම ශිෂ්‍යත්ව ප්‍රදානය ආරම්භ කරන බවත්, අ.පොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන වෙනුවෙන් ද අයදුම් පත් කැදවීම මේ වන විට ආරම්භ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: