hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 04, ප.ව. 2:18



විදෙස් ණය ගෙවීම ආරම්භ කිරීමත් සමඟ රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය වනු ඇතැයි පැතිර යන සත්‍යයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වන්නේ ඩොලරයට ඇති ඉල්ලීම අඩුවීම හේතුවෙන් බවත් ණය ගෙවීම ආරම්භ කළ පසු ඩොලරයට ඉල්ලුම වැඩිය රුපියල අවප්‍රමාණය වනු ඇතැයි ඇතැමුන් අදහස් පල කරනවා.

නමුත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී මැතිවරණ පැවසූ ද ශ්‍රී ලංකාවේ ඩොලර් ආදායම වැඩි වීමත් හේතුවෙන් ඩොලරයට පවතින ඉල්ලුම සමනය කරගැනීමට හැකියාව ඇති බව මහ බැංකුව කියා සිටිනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳ ජනමාධ් කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජී.කේ.ජී. හරිස්චන්ද‍්‍ර මහතා මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: