2024 මාර්තු 13, ප.ව. 5:17
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව ඊයේ (12) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී කුකුළු මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් කුකුළු මස් නිෂ්පාදකයන් අඩු මිලක් ඉදිරිපත් කරද්දී, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි මිලක් ගණනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටියේ, උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට සහ හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බවයි.
කෙසේ වෙතත් මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දුන්නේ, කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව මහජනතාව දැඩි අවධානයකින් සිටින බවත්, ඒ නිසා අවම මිලක් යටතේ කර්මාන්තකරුවා, පාරිභෝගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂාවන අයුරින් කුකුළු මස් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26