hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2025 ජූනි 25, පෙ.ව. 11:26



පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් ව ඇත්තේ.

පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 2.3 කින් වර්ධනය වී ඇත.

2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් එසේත් නැතිනම් 91,371 කින් ඉහළ ගොස් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: