hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 මාර්තු 11, ප.ව. 2:02



පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (11) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 302.05 සිට රු. 301.31 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 312.57 සිට රු. 311.81ක් (පිළිවෙලින්) ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 301.89 සිට රු. 301.15 ක් විය.

එහි විකුණුම් අනුපාතිකය ද රු. 311.75 සිට රු. 310.50 ක් විය.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 303 සිට රු. 302.5 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 312 සිට රු. 311.5 ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: