hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23



පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (සැප්තැම්බර් 01) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.10 සිට රු. 298.80 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 304.60 සිට රු. 304.30 දක්වා අඩු වී ඇත.

NDB බැංකුව
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.25 සිට රු. 298.75 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 305.75 සිට රු. 305.25 දක්වා පහත වැටී ඇත.

මහජන බැංකුව

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 298.77 සිට රු. 298.62 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 305.15 සිට රු. 305.

කොමර්ෂල් බැංකුවේ
කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 297.04 සිට රු. 296.79 දක්වා සහ රු. 305.50 සිට රු. 305.25 දක්වා අඩු වී ඇත.

සම්පත් බැංකුව
සම්පත් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 299.25 සිට රු. 298.75 දක්වා සහ රු. 305.75 සිට රු. 305.25 දක්වා අඩු වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: