hit counter

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 30, පෙ.ව. 11:03



මේ වසරේ මුල සිට පසුගිය මැයි 26 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්.

මහ බැංකුව පවසන පරිදි මෙම වකවානුවේ අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව පසුගිය 26 දක්වා කාලය තුළ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 26.4 කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 17.0 කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 18.9 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 19.7 කින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණා.