2023 අගෝස්‍තු 09, පෙ.ව. 12:06
පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26