2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
ඉදිරි මාස දෙකේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නතර කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයන්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා මෙම තීරණය ගත් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මව් සතුන් ගෙන්වීමට අවස්ථාව ලබාදීම නිෂ්පාදකයින්ට මුදල් ලබාදීම, බඩඉරිඟු ගෙන්වීමට අවස්ථාව ලබාදීම ඇතුළු කාරණා හරහා මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගත් බවද ඇමැතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දී තිබියදීත් අවශ්‍ය තරම් නිෂ්පාදනය ලබාදීමට නොහැකි වුවහොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය පිළිබඳ සොයා බලා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවද හෙතෙම කියා සිටියා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26