2024 ජනවාරි 15, ප.ව. 12:30
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ, ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බවයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.
රුපියල් 65ක සීමාව දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වනවිට 50ත් 55ත් අතර සීමාවට පැමිණ තිබෙනවා.
මේ අතර, 2024 වසරේත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (13) ඇඹිලිපිටිය – බරවකුඹුක – කච්චිගල්ආර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.
ගං වතුරෙන් මහ කන්නයේ වී වගාවට බලපෑමක් සිදුවුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ඩොලර් මිලියන 300 ක් වැයකරමින් 2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කෙරිණ. නමුත් පසුගිය වසරේ දී සහල් ආනයනය සිදු නොකිරීමට කටයුතු කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26