hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 12:01



සේවක අර්ථසාධක අරමුදල (EPF) ගෘහස්ථ ණය ප්‍රශස්තිකරණ (DDO) වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරු කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එහි සාමාජිකයින්ට දන්වා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ EPF අරමුදල සුදුසුකම් ලත් සහභාගිවන්නෙකු ලෙස සහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම පිරිනැමීම සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවකට අනුව මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද ආරාධනය මත EPF අරමුදල ද එසේ කිරීමට ඉදිරිපත් වී ඇති බවයි CBSL වැඩිදුරටත් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: