2025 ජූනි 05, පෙ.ව. 11:13
මාළු මිල අධික ලෙස මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත් වී ඇත.
මැයි මස මුල සිටම මෙසේ මාළු මිල ඉහළ ගොස් ඇති බවත්, මාළු මිල ඉහළ යෑම හේතුවෙන් තම වෙළදාම් කටයුතුද අඩු බවයි මාළු වෙළෙදුන් කියා සිටින්නේ.
හැටන් ප්‍රදේශයේ මත්ස්‍ය අලෙවි වෙළදසැල්වල තලපත්, කොප්පරා කිලෝවක සිල්ලර මිල රු.3200 – 3400 දක්වාත්,තෝරු රු.3800 ත්, කෙළවල්ලා කිලෝවක් රු.2900 ත්, බලයා කූරි පිටින් රු.1800ත්, පරවු රු.2000 – 2200ත්, ලින්නා රු.1300, සාලයෝ රු.900 ත්, පියා මැස්සන් රු.900 ත්, හුරුල්ලෝ රු. 1700 ත්, හාල්මැස්සන් රු.700 ත්, දැල්ලන් රු.2200ත්, ඉස්සන් රු.2400 ත්, කිරිමොරු රු.2800 ත්, සීලෑවෝ රු.1800 ත්, වැනි මිලිකට අලෙවි කරනු ලබයි.
පවතින අයහපත් කාළගුණය සහ වාරගම් කාලය නිසා මුහුදේ රළු බව වැඩි වීමෙන් ධීවරයන් වැඩි පිරිසක් මුහුදු නොයෑම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් මේ දිනවල නොමැති විම හේතුවෙන් මාළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි වෙළෙදුන් කියා සිටින්නේ.
මෙසේ මාළු මිල ඉහළ යෑම තව දින ගණනාවකට පවතින බවත්, මෙයට සමගාමීව වැව් මාළුවල මිලද ඉහල ගොස් ඇති බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26