hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 ජූනි 25, පෙ.ව. 11:23



ඊයේ (24) දිනයේ සිට මත්ස්‍ය මිල ගණන් පහත වැටී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දෝ කියා සිටිති.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි මත්ස්‍ය තොග නොලැබීම නිසා පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය බවයි ඔවුහු පවසා සිටියේ.

මෙහිදී පසුගිය සතියට සාපේක්ෂව මාළු කිලෝවක මිල රුපියල් 100 ත් 500 ත් අතර පරාසයකින් අඩුවී තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (24 වැනිදා) පැවැති මාළු මිල ගණන් (කිලෝවක සිල්ලර මිල) මෙසේය.

තලපත් රු.2,600

කෙලවල්ලා රු.1,600

ඉස්සෝ රු.1,400-1,700

කීරමින් සාලයා රුපියල් 500

දැල්ලෝ රු.1,800

ගල් මාළු රු.1,000

හැඩැල්ලෝ රු.1,500

රන්නො රු.400

ලේන පරව් රු.550

කකුළුවා රු.1,200-1,500





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: