hit counter

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 17, ප.ව. 4:02



ගතවූ දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වෙනවා.

තොග වෙළෙඳුන් පවසන්නේ භාණ්ඩ ආනයනකරුවන් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

අල, ලුණු සහ පරිප්පු ආදී ද්‍රව්‍යවල තොග මිල ගණන් මෙලෙස ඉහළ නංවා ඇති බව වාර්තා වෙනවා.

පිටකොටුව හතරවන හරස් වීදිය තොග වෙළෙඳපොළේ වෙළෙඳුන් පවසා සිටියේ, පරිප්පු රුපියල් 30කින් වැඩි වන බවයි.

මේ අතර ජනතාව පවසන්නේ, ඩොලරය වැඩිවීම හේතුවෙන් ලොකු ලූනු මිලද වැඩි කර ඇති බවයි.

එමෙන්ම ඩොලරයේ මිල අඩුවන අවස්ථාවන්වලදී භාණ්ඩවල මිල අඩු නොවන බවත් ඩොලරය වැඩි වන අවස්ථාවන්වලදී පසුදාම භාණ්ඩ මිල ඉහළ දමන බවටත් ජනතාව චෝදනා කරනවා.