2023 අගෝස්‍තු 06, පෙ.ව. 12:02
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසුවා.
ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ මහාචාර්යවරයා පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම සියයට එකසිය තුනක් බවද ප්‍රකාශ කළා.
කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 136කින් වැඩිවී ඇතැයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බවත් ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් 2019 න් පසු වැඩි නොවීම යනාදී කරුණු හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය( ක්‍රය ශක්තිය) විශාල වශයෙන් පහත බැස ඇති බවත් වසන්ත අතුකෝරළ මහතා කියා සිටියා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26