hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 අප්‍රේල් 30, ප.ව. 3:39



මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍ය රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත්, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලේ තත්ත්වයත් සැලකිල්ලට ගෙන මෙසේ මිල පහළ දමනු ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දමනු ලැබුවා.

මේ අනුව, 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දමනු ලැබුවා.

එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමූ අතර, එහි නව මිල රුපියල් 386කි.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වූයේ නැහැ.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: