hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 06, පෙ.ව. 8:35



අමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් සමාගම කටයුතු කරණ බව යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රභාත් සමරසිංහ සදහන් කරයි.

එම ආයතනය මෙරට වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ 2024 ජුනි (04) වැනි දින ගිවිසුමකට එළැඹි අවස්ථාවේදී ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මේ බව සදහන් කරයි.

United Petroleum Australia Pty Ltd සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සදහා යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කටයුතු කරන අතර එම සමාගමට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සදහා ඉන්ධන බෙදාහැරීමේ හිමිකාරීත්ය පවරා ඇති අතර යුනයිටඩ් හිමිකාරිත්වය යටතේ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතිය ඇත.

United Petroleum Australia Pty Ltd ඕස්ට්‍රේලියානු උප මහාද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් වෙළඳ සමාගමකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: