hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 ජූලි 31, ප.ව. 3:50



කිසිදු අයුරකින් ගෑස් මිල සංශෝධනයක් අගෝස්තු මාසයේ දී සිදු නොවන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ගෘහස්ථ එල්.පී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි.

මේ අතර, ජූලි මාසයට අදාළව පසුගියදා ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩු කළා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු වූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,690කී.

එමෙන්ම, කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කළ අතර එහි නව මිල වූයෙර් රුපියල් 1,482කි.

තවද, කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල වූයේ රුපියල් 694ක් ය.

ඒ අනුව එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: