hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:34



ලෝක රන් මිල ඉතිහාසයේ පළමු වරට ඩොලර් 3,950 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ලෝක වෙළෙඳපොළ දත්ත පෙන්වාදී තිබෙනවා.  

මෙම ගෝලීය මිල ඉහළ යෑමට සමගාමීව, මෙරට රන් මිල ද පසුගිය සෙනසුරාදා දිනට සාපේක්ෂවරුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

ඒ අනුව, අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22″ රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා මෙම මිල දැක්වුණේ රු. 283,000ක් ලෙසයි.

කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 314,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෙනසුරාදා දිනය වන විට එය රු. 306,000ක් ලෙස පැවතුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: