hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 2:18



මේ වසරේ ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී යෝජනා කරනු ලබන යෝජනා පහතින්,

2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.

නව ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා කටයුතු කරනවා.

◾  වසර 25ක් පුරා ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි.

◾  2023 අය වැයෙන් කතිකා ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

◾  මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිම වූ පසු ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

◾  දහස් 25 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙනවා.

◾  පොලී අනුපාතය ද මේ අනුව මධ්‍යස්ථ අගයකට ලඟාකර ගැනීම අරමුණයි.

◾  විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනයද අඩු ගනු ඇතැයි අපේක්ෂා කරනවා.

◾  සැප්තැම්බර් දෙවැනි දා සිට එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කරනවා. හඳුන්වා දුන් නව අදායම් යෝජනා ඔක්තෝම්බර් 01 දා සිට ක්‍රියාත්මක කරනවා.

◾  එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

◾  ආදායම් වැඩි කර වැඩිකර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරනවා.  බදු ගෙවීම පැහැර පැහැරහැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය යුතුව තිබෙනවා.

◾ වයස අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා දේශිය ආදායම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනා කරනවා

◾  මේ ගොවි ඵලදායිතාව කාර්යක්ෂම කිරීම සඳහා පරිපාලනය ශක්තිමත් කරනවා. බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා.

◾  අප රටේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමට දියුණු තාක්ෂණය සහිත බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනවා.

◾  අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා කරණය, සමාජ ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා.

◾  රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල් වරයෙකු පත් කරනවා.

◾  එමෙන්ම චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා.

◾  තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවලට ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.

◾  ජන සේවා කාර්යක්ෂම කිරීම සඳහා සඳහාත් ආදායම් කඩිනමින් කිරීම සඳහා ඔන්ලයින් සේවා සැපයීමට පළාත් පාලන ආයතන ඉටු කළ යුතුව තිබෙනවා.

◾  කාර්යක්ශම වියදම් කළමනාකරණය සඳහා රාජ්‍ය සේවකයන් කළමනාකරණය කිරීමට යෝජනා කරනවා.

◾  වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා.

◾  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

◾  රාජ්‍ය කටයුතු සඳහා පොසිල ඉන්ධන දායක කරගෙන ධාවනය කරන කරන වාහන මිලදී ගැනීමෙන් වළකිනවා.

◾  ශ්‍රී ලංකා ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන සැලකිය යුතු පාඩු ලබමින් සිටිනවා. මේවා රාජ්‍ය බැංකුවලට විශාල ණය ගෙවිය යුතුව තිබෙනවා. ඒ නිසා රජය සතු වාණිජ විවසාය ප්‍රතිව්‍යහුගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රතිවූහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන්කිරීමට යෝජනා කරනවා. එසේ නොකළහොත් ඒ අනාගතයේදී වඩා බදු බරක් ජනතාවට විඳින්නට සිදු වේවි.

◾  ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම අඩාල කෙරෙන මුරණ්ඩු තීරණ ගැනීමෙන් වැලකිය යුතු ව තිබෙනවා.මේ සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සම්පාදනය කරනවා.

◾  මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණය කිරීමෙන් වළකනවා.

◾  රාජ්‍ය ආයතන වල ගොඩ ගැසී ඇති අබිලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා මහා භාණ්ඩාගාර ඇතුළු කමිටුවක් පත් කරනවා.

◾  ස්වාධීනව ක්‍රියාත්මක කෙරෙන මාසික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ  පිහිටුවනවා.

◾  රාජ්‍ය බැංකුවල මුලා කොටස් අයිතියෙන් සියයට 20ක ප්‍රමාණයන් තැන්පතු කරුවන් සහ සේවකයින් වෙත ලබා දෙනවා.  ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවේ කොටස් වලින් සියයට විස්සක් තැන්පතු කරුවන්ට සහ සේවකයන්ට ලබා දීමට ලබාදීමට යෝජනා කරනවා.

◾  සුභසාධක ප්‍රතිලාභ පනත නීතියක් බවට පත් වුණා. සුබසාධන වැඩසටහන් වඩා හොඳින් ඉලක්ක ගත කිරීම සඳහා කටයුතු කරන අතර ප්‍රතිලාභීන්ගේ බැංකුගිණුමෙන් සෘජුවම මුදල් ලබාදීමට කටයුතු කරනවා.

◾  කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සහ වගා නොකිරීම නිසා පීඩාවට පත්වූ අය සඳහා අමතර මාසික දීමනාවක් ලබා දීමට රජය රුපියල් මිලියන 31 දහසක් පමණ වැයකර තිබෙනවා. ඉදිරි මාස 4ක් මේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

◾  ගැබිනි මවුවරුන් සඳහා විසිදාහක දීමනාවට අමතරව රුපියල් දෙදහසක 2000 ක දීමනාවක් ද ලබා දෙනවා.

◾  ආහාර සුරක්ෂිත පවුල් 60ක් දාහක් සිටිනවා ඉදිරි මාස 4 සඳහා එවැනි පවුලකට මසකට රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කරනවා.

◾  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46600 ක මුදලක් වෙන් කරනවා.

◾  ධීවර රැකියා රැකියා වල නියුතු අයටත් වතුකරයේ නිරත ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා.

◾  සමෘද්ධි සහනාධාර ලබන පවුල් මිලියන 1.7 සඳහා මාසික සමෘද්ධි සහනාධාරය 5500ත් 7000ත් අතර වැඩි කර ලබා දෙනවා.

◾  මහ කන්නය වෙනවිට පොහොර මිල අඩු වේවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

◾  රටේ ගෘහස්ථ ගෑස්හිඟය වැළැක්වීමට කටයුතු කළා. ඉදිරියේදීත් ගෘහස්ථ දෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා.

◾  කුඹුරු හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩුවෙන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ලබා නෑ. ගෙවීමට නොහැකි වූ වූ ගොවීන් සිටිනවා. ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම වැඩිකිරීම සඳහා ඔවුන්ගේ ගොවි ණය පොලිය හැර කපා හැරීමට කටයුතු කරනවා.

◾  මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 350ක් 350ක් වෙන් කරනවා.

◾  දේශීය කිරි නිෂ්පාදනය නංවා නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මේ සදහා සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන දෙසීයක් මූලිකව වෙන් කරනවා.

◾ ගොවීන්ට රෝපණ ද්‍රව්‍ය සහ බීජ සැපයීම සදහා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය. ඒ ඒ සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා.

◾  රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන්කර වෙන් කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබාදීමට ලබා දීමට කටයුතු කරනවා. රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනවා.

◾  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දී එහෙත් ජාතික ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.

◾  කෘෂිකාර්මික බෝග වල අලෙවිය හා කල් තැබීම දියුණු කිරීම මගින් අපතේ යාම මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. දේශීය අමුද්‍රව්‍ය යොදා යොදාගෙන සිදුකරන යොදාගෙන සිදුකරන ආහාර අමුද ඇසුරුම්කරණ සඳහා උසස් තාක්ෂණය සහිත මඟ ආනයනය කිරීමේ දී කිරීමේදී තීරුබදු වලින් 50% ක  සහනයක් ලබා දෙනවා.

◾  මේ වසරේ සැප්තැම්බර් සිට සංචාරකයන් වැඩි ගණනක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක මණ්ඩලය සහ අනෙක් ආයතන සමග එක්ව වැඩසටහන් සකස් කළ යුතුයි. 2023 අවසානය වන විට වසරකට එන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා 25 ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කයක් තබා ගන්නවා.

◾  ඉහළ වියදමක් සහිත සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

◾  ලංකාවේ දේශගුණ හා කාලගුණ විපර්යාස නිසා සිදුවන විපත් වැඩිවෙමින් තිබෙනවා.ඒ සඳහා දේශගුණික අරමුදල් ලබාගැනීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා.

◾  විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකාව ද විශ්ව විදේශ සිසුන් මෙත අධ්‍යාපන මහා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්විය යුතුයි.

◾  සමාගම් පනත සහ විශ්වවිද්‍යාල පනත ශාඛා විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා.

◾  උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජකයන් ගේ සම්පත් ලබා දීමෙන් රජයේ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව ලබනවා.

◾  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට යෝජනා කරනවා.

◾  නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ස්වයං රැකියා සිදු කරනවා. ඔවුන්ට ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණික සහ විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් රැකියා ඵලදායිතාව වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රජාව සවිබල සවිබල ගැන්වීම සඳහා ඒකකයක් පිහිටු වනවා.

◾  උඩරට ප්‍රදේශ වල සිට දහනය කරන එළවළු පලතුරු හා මල් වගාව වගාවල නියුතු ගොවීන්ට පහසුව සඳහා දුම්රිය මගීන් මගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන්විය යුතුයි. මෙමඟින් දුම්රිය සේවයට අමතර ආදායමක් ලබාගත හැකියි. ආරම්භයක් ලෙස හාලිඇල සිට කොළඹ කොටුවට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යෙදවිය යුතුයි. මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් ගේද සහාය අවශ්‍යයි. මේ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා.

◾  කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය කිරීමට කටයුතු කරනවා.

◾  ජාතික අපනයන උපාය මාර්ගයට රජය සහාය ලබා දෙනවා. එමෙන්ම පුළුල් කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහය නැවත ආරම්භ කරනවා.

◾  දීමනා පත්‍ර වලින් ලබා දී තිබූ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ක්‍රමයක් සකස් කරනවා.

◾  එතෙර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමටද යෝජනා කරනවා සියලු රටවල සිටින ලාංකිකයන් සහ සංවිධාන එයින් ආවරණය කරන අතර ආයෝජන ආකර්ෂණය සහ සංචාරකයන් ආකර්ශනය කර ගැනීම එහි බලාපොරොත්තුවයි.

◾  එතෙර සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සම්බන්ධ කරගෙන එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් පිහිටු වනවා.

◾  විදුලියෙන් ක්‍රියාත්මක කරන පාපැදි දේශීය වශයෙන් ක්‍රියාත්මක කරනවා.

◾  දේශීය විදුලි පාපැදිය නිපදවීමේ ආනයනික ද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දෙනවා.

◾  දූෂණය සඳහා අපේ අවස්ථා මග හරවීම සඳහා තාක්ෂණය මුසු කර ගැනීමට කටයුතු කරනවා.

◾  2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ ඇතිරියක් ලඟාකර ගැනීම ඉලක්කයයි.

◾  2026 වසර වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම උත්සාහයයි

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: