2025 මාර්තු 18, පෙ.ව. 11:06
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයක් තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථාවන් උදා කර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් (Ivy Global Campus) උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් කොළඹදී දියත් කෙරිණි. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක සහයෝගීතාවය ඇතිව ගෝලීය රැකියා වෙළඳපොළට ගැලපෙන උසස් අධ්‍යාපන පාඨමාලාවන් රැසක් ශ්‍රී ලාංකික සිසුන්ට හඳුන්වා දෙනු ඇත.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවත්වුණු අතර ඊට සර්වෝදය ආයතනයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, තෘතිය සහ වෘත්තීයමය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය අජිත් පොල්වත්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු සුවිශේෂී ආරාධිතයින් රැසකගේ සහභාගී වූහ.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය සිංගප්පූරු උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිංගප්පූරුවට අමතරව එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසක කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයන් හරහා උසස් අධ්‍යාපන සහ වෘත්තීයමය අධ්‍යාපන පාඨමාලා පිරිනැමීම සිදු කරයි.
“අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ශ්‍රී ලාංකික සිසුන්ට සැබෑ ජාත්‍යන්තර උසස් අධ්‍යාපනයක් හරහා සීමා මායිම් බිඳ දමමින් ලෝකයේ ඕනෑම තැනක වෘත්තීයමය සාර්ථකත්වය අත්පත් කරගැනීමට අවස්ථාව ලබා දීමට කැප වුණු ආයතනයක්. ලෝකයේ කීර්තිමත්ම විශ්විද්‍යාල තුළින් විශිෂ්ට අධ්‍යාපනයක් ලබා ගැනීමට අමතරව තමන්ගේ වෘත්තීයමය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලැබීමටත්, වෘත්තීයමය අවස්ථාවන් උදා කරගැනීමටත් අයිවි ග්ලෝබල් කැම්පස් සිසුන් හට අවස්ථාව ලැබෙනු ඇති” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක් නිලධාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසීය.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවය ඇතිව ඩිප්ලෝමා උපාධි සහ පශ්චාත් උපාධි මාලාවන් ශ්‍රී ලාංකික සිසුන් හට ලබා දෙනු ඇති අතර ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රයන්හි පාඨමාලාවන් ඒ අතරින් ප්‍රමුඛ වේ. සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයන් හරහා සිසුන් හට පුළුල් පරාසයක අධ්‍යාපන මාර්ගයන් විවෘත කරදීමට අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය කටයුතු කරයි අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය සම්බන්ධව තවත් සුවිශේෂීතාවයක් වන්නේ සිසුන් හට වෘත්තීයමය සාර්ථකත්වය අත්පත් කරගැනීමට උපදේශනය ලබා දෙන අයිවි වෘත්තීයමය උපදේශන වැඩසටහනයි.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය තාක්ෂණයෙන් අනූන නවීන පන්ති කාමර අධ්‍යාපනය සහ අන්තර්ජාල අධ්‍යාපනය ඒකාබද්ධ කරගත් ද්විත්ව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ආයතනයකි. අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් හට විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය, සිය සිසුන් හට වෘත්තීයමය උපදේශනය ලබා දීමට අමතරව වෘත්තීයමය අවස්ථාවන් උදා කරදීමටත්, ව්‍යවසායකත්වය සහ නායකත්වය ප්‍රමුඛ කරගත් ඉගෙනීමේ සංස්කෘතියක් නිර්මාණය කිරිමටත් කැප වී සිටී. මේ සියල්ල හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව පරිවර්තනයක් සිදු කිරීමට අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය අපේක්ෂා කරයි.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය දෙහිවල, ගාලු පාරේ, අංක 114 යන ස්ථානයේ පිහිටා ඇති අතර පාඨමාලාවන් පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීම www.ivyglobalcampus.com වෙබ් අඩවිය හරහා හෝ info@ivyglobalcampus.com විද්‍යුත් තැපෑල හරහා හෝ 011 2721234 දුරකතන අංකය අමතා ලබා ගත හැකිය.