2023 ජූලි 17, පෙ.ව. 12:04
සෞදි අරාබි රාජ්‍යයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් තෘතික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව සෞදි අරාබියානු රජයේ අනුග්‍රහය ඇතිව අරඹනු ලැබ තිබෙනවා.
තෝරාගත් වෘත්තීන් 23 කට අදාළව සෞදි අරාබියේ රැකියාව දීමේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගිවිසුමක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපතිවරයා අතර පසුගියදා අත්සන් කෙරුණා.
මෙම ගිවිසුම පසුගිය 11 වැනිදා සිට බලාත්මක බව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ ඒ ලලිතධීර මහතා පැවසුවා.
මොරටුව ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ඔරුගොඩවත්ත කොරියන් ලංකා ජාතික වෘත්තිය පුහුණු ආයතනය සහ මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු පුහුණු ආයතනය යන ආයතනවලදී මේ පිළිබඳ නිපුණතා තහවුරු කිරීමේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බව පවසන එම කොමිෂන් සභාව පරීක්ෂණවලින් සමත්වන වෘත්තිකයන්ගේ සියලු තොරතුරු සවුදි අරාබියානු රාජ්‍ය තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරෙන බවද සඳහන් කරනවා.
මෝටර් රථ කාර්මික ශිල්පී මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී විදුලි කාර්මික ශිල්පී සහ වායු ශිල්පී සහ වායුසමිකරන හා ශීතකරණ කාර්මික ශිල්පී යන වෘත්තියන් සම්බන්ධයෙන් මොරටුව ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදීද පෑස්සුම් ශිල්පී, විදුලි කාර්මික ශිල්පී වායු වායුසමිකරණ හා ශීතකරණ කාර්මික ශිල්පී වෘත්තීන් සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත කොරියන් ලංකා ජාතික වෘත්තිය වෘත්තිය පුහුණු ආයතනයේදීද ජල නල කාර්මික ශිල්පී වෘත්තිය සම්බන්ධයෙන් මොරටුව කර්මාන්ත ඉංජිනේරු පුහුණු ආයතනයේදීද මෙම නිපුණතා පරීක්ෂණ පැවැත්වෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විස්තර තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාර්මාන්ත සබඳතා මංජුල විදානපතිරණ මහතාගේ 0714817629 දුරකථන අංකයෙන් හෝ Manjula@tvec.gov.lk යන ඊමේල් ලිපිනයෙන් විමසිය හැකියි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26